Ads Top

ඉපදුණා ! 
ලෝකේ ඇතුළට 
අඩියක් තිබ්බා 
දූවිල්ලෙන් වැහුණු 
ආත්ම දැක්කා 
ශාපලත් කන්‍යාවන් 
හැමතැනම පල් වුණා 
නන්නත්තාරික පිරිමි 
ලේ බිංදු හොය හොයා 
මුග්ධකමේ අතරමං වුණා 
වාරණ බිඳපු සමහර ගෑණු 
තමන්ගේ පියාපත් වලින් 
ඉගිල්ලිලා ඈතට ගියා 
අදහස් තිබ්බ පිරිමි 
ඒ ගෑණුන්ට කවි ලිව්වා 
උන් ප්‍රේම කළා 
ඌ ඒ හැමදේම දැක්කා 
සීමා නැතුව
ජීවත් වීම අකැප ලෝකෙක 
ඉන්නේ මොකටද 
ඌ ප්‍රශ්න කළා 
උන්ට තේරුණේ නෑ 
ඈතින් දුම්රියේ හඬ ඇහුණා 
ඌ රේල් පීල්ලේ නිදා ගත්තා 
..............................................මැරුණා ! 

🖌 රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.