Ads Top

නිසැකවම මගේ මිතුරා ඔහුයි !

තත්පරයෙන් තත්පරයට
ගෙවී යන ජීවිතයේ
බැඳීම් අවම කරගන්නට
වෙහෙසෙමින් සිටිමි
නමුදු,
ලෙයින් නොඋපන්
මගේ හිතමිතුර
මට උඹෙන් තොර ලොවක්
නැති තරම් ය.
පන්තියේ එක ළඟ
වාඩි වී හුන් අපේ
අතීතාවර්ජනය
කෙසේ නම් කළ හැකි ද?
ඒවායේ නෂ්ඨාවශේෂ 
තවමත් හිත පතුළේ
නිදන් වී තිබෙණු නොවේ ද?
කාලය ගෙවමින් එසේ සිතමි.
හදිස්සියේම මම
ගැස්සී අවදි වුණෙමි
මිතුරා මගේ ඉදිරියේ ය
"උඹ මගේ යාළුව නේද?"
මම ඇසුවෙමි
"උඹට ඔළුව හොඳ නැද්ද?"
සුපුරුදු පරිදි ඔහුගේ ප්‍රශ්නය
එය විය
පියවි සිහියත් උමතු සිහිනයත් මැද
නිසැකවම මගේ මිතුරා ඔහුයි ! 

🖌 රැහැන් මාරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.