Ads Top

'Rise like a Phoenix'


'be yourself' කියූ පළියටම 
මමත් පිළිගත්තා ඉස් මුදුනින් 
ලෝකයා කසනවාට කියූ හැම වචනයක්ම 
හැම රෑකම වද දුන්න 
ගන්නවාද නැද්ද ඒ තීරණය 
එකම එක දිනයක 
විශ්වාසයෙන් මා තැබූ ඒ පියවර 
හිතුවේ නෑ මහ මෙරක සෙනෙහස 
අභිබවා ගිය උන්ගේ නම්බුව 
'මම නං ඔන්න open minded' 
කියාගත්තු කිසිම මිනිහෙකුට 
බැරි උනාලු දෙන්නට සාධාරණ 
හරි හමන් නිර්වචනයක් 
ඒ හා ළඟටවත් එන්නට 
ඉතිං ලෝකයේ එහා කෙළවරට 
වී මම බලා ඉන්නවා තීරණයක් ගන්නට බැරිව 
ඔව් මට මා ගැනම ! 
මේ මාංශයයි ආත්මයයි දෙකක් බව 
ලොවට කියමින් 
ඉඩ දෙන්න මටත් කෑගහලා අඬන්න 
මට ඕනෑ නෑ ලෝකෙටම පිරිමියෙක් වෙන්න 
පරපුරක නාමය අදින කරත්තයට කර ගහන්න  
හා මං වැරදිද ? 
ගෑණියෙක් වෙන්නට ඇත්තටම බැරිද මට 
දරුවන් වදන්නට ඇත්තටම බැරිද මට 
මට කැමති විදියට ජීවත් වෙන්නට 
අවසර ගන්න ඕනෑ තව කාගෙන්ද 
මා කැඩුවා කියන, 
මා නොදන්න ඒ මානව නිදහස මොකද්ද 
ජීවත් වීමට මා සොයනා ඒ අවකාශය කොහෙද 
'other' කැටගරියක් දැන් මට මොකටද 
අහන්නට පෙර ගෑණියෙක් ද පිරිමියෙක් ද 
නුදුටුවාද පළමුව 'මම මිනිස් ජීවිතයක්ම' බව 
'be yourself' 
හුදෙක් ෆේස්බුක් කෝට් එකක් වුණු තැනෙක 
'rather not to say' තුළ කොටුවෙන්නද මම 
එහෙමත් නැත්තම් නැඟිටින්න ද 
'ෆීනික්ස් කිරිල්ලියක' ලෙස 
මා විසින් වල දැමූ 
නුඹ ගොඩ ගන්නට වෙර දරනා ඒ අළු මතින් 
ෆේක් රැඩිකල් ඕපන් මයිඩඩ් මිනිසුන්ට 
මිටමොලවාගෙන ඇඟිලි හතරක් විතරක් 
'අනේ  *කාගනින් බං' කියාගෙනම ! 

අනූ පෙරේරා | සිත්තම් මායා 

Dedicating to every Transgender who was courageous enough to take a risk for changing their identity and for truly be themselves ! 

Inspired by 'Rise like a Phoenix' by Conchita Wurst
(Austria) 2014 Eurovision Song Contest Winner 

Waking in the rubble
Walking over glass
Neighbors say we're trouble
Well that time has passed

Peering from the mirror
No, that isn't me
Stranger getting nearer
Who can this person be

You wouldn't know me at all today from the fading light I fly

Rise like a phoenix
Out of the ashes seeking rather than vengeance
Retribution you were warned
Once I'm transformed
Once I'm reborn
You know I will rise like a phoenix
But you're my flame

Go about your business
Act as if you're free
No one could have witnessed
What you did to me

'Cause you wouldn't know me today
And you have got to see
To believe
From the fading light I fly

Rise like a phoenix
Out of the ashes seeking rather than vengeance
Retribution, you were warned
Once I'm transformed
Once I'm reborn

I rise up to the sky
You threw me down but
I'm gonna fly

And rise like a phoenix
Out of the ashes seeking rather than vengeance
Retribution you were warned
Once I'm transformed
Once I'm reborn
You know I will rise like a phoenix
But you're my flame

Source: LyricFind
Songwriters: Alexander Zuckowski / Charlie Mason / Joey Patulka / Julian Maas
Austria: Rise Like a Phoenix lyrics © Universal Music Publishing Group, Kobalt Music Publishing Ltd.
Siththam Maya | Anu Perera. Powered by Blogger.