Ads Top

Healing Gods !

"As long as we have breath in our lungs, 
We are Doctors First "
අපි වෙනුවෙන්, 
වෛද්‍ය දිවුරුමේදී ඔවුන් 
ප්‍රතිඥා දෙන්නේ එහෙමයි 
ඒ නිසාම වෙන්නැති 
ලෝකයම 
පැන්ඩමික් තත්වයක තියෙද්දී 
ඔවුන් සේවයෙන් 
ඉල්ලා අස් නොවන්නේ 
දරුවන් දෙමාව්පියන් ගැනවත් නොසිතා 
තමන් වුණු පොරොන්දුව 
ඉෂ්ඨ කරන්නේ 
මුළු ලොවකගෙන් වර්ක් ෆ්‍රොම් හෝම් 
සේවා සැපයෙනකොට 
මේ දැනුත් මේ මොහොතේත් 
පැය විසිහතරක ලයිව් අත්‍යාවශ්‍ය සේවාවක්, 
කවදා වෙනකම්ද නොදැනම 
අතිකාල දීමනා නොසිතාම 
අවුරුදු දීමනාව වගක්වත් නැතිව 
ලෝකයක් දන නැවු වසංගතයකට ඔවුන් 
නිරාවරණය වෙනවා 
නුඹ මම, වෙනුවෙන්ම ! 
නිකමට හිතන්න 
කොවිඩ් නයින්ටීන් 
කොරෝනා ආසධිතයින් එක්ක 
ඔට්ටු වෙන්නට 
කොයි තරම් ඒ හිත් 
හයිය වෙන්න ඕනෑද 
කොයි තරම් ඒ හිත් 
පරාර්ථකාමී වෙන්න ඕනෑද 
ඒ නිසාම වෙන්නැති 
ඔවුන් 'Healing Gods' 'සුවකිරීමේ දෙවියන්' 
යන උත්තම පදවියෙන් අනුසස් ලබන්නේ !
මේ අකුරු, 
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ සේවයේ නිරඳි 
සෑම නිළධාරියෙකුටම උපහාරයක්ම පිණිස 
අගය කිරීමක් පිණිස ! 
අපි ඔවුන්ට නිරෝගීබව පතමු ! 

- අනූ පෙරේරා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.