Ads Top

කොරන්ටයින් අස්සේ, #ShamelessJournal #Page1


කොරෝනා සිද්දිය ලංකාවේ හිස ඔසවන්නට හරියටම සතියකට කලියෙන් ඒ කියන්නේ ගිය සතියම මට සිද්ද උනා කොලොම්පුරේට දවස ගානේ යන්න එන්න. මං ගොඩේ එකා. ගම කුරුණෑගල. ලිවින් ඉන් කලම්බෝ කියලා ඒ දවස්වල ෆේස්බුක් එකේ දාගෙන නම් හිටියා තමයි. හැබැයි බොරුවට නෙවේ ඒ ඇත්තටම. අන්තිම රස්සාවට කෙළ වෙන්නට කලියෙන් මං බෝර්ඩ් වෙලා උන්නේ විජේරාමේ. මේ දවස්වල ප්‍රසිද්ධම විශ්ව විද්‍යාලය ආසන්නයේම. අපි ඒ කොළඹ සිද්ධි ඇදගෙන හෙමිට පස්සේ හොඳ කයියක් ගහම්මු, බෝතලයක් දෙකකුත් ලඟින්ම තියාගෙන. හා ද ? 

මේ වෙනමම සීන් කෝන් එකක් ! මේ දවස්වල අතිශය සෙල්ෆ් අයිසොලේෂන් එහෙම නැත්තම් සෙල්ෆ් කොරන්ටයින් වෙන නිසා මේ ඕප ටික ලියලා කියෝලා ඉවරයක් කරන්ඩ හොඳම වෙලාව. එහෙම නැතත් මං අතිශය කාර්යබහුල මනුස්සයෙක් නෙවෙයි වෙලාවක් කලාවක් හොයාගන්න නැති වෙන තරමට. ඒකට තියෙනවා හේතු දෙකක්. අංක එක, මං පට්ට කම්මැලියි ටූ බි හොනස්ට්, නෑ ඒක ටූ බී ඔනස්ට්, එච් සයිලන්ට් වෙනවා මේ වගේ අවස්තාවලදී. අවස්තාව හරියටම මතක නැති උනත් වණසිංහ සර් පොඩි කාලේ ග්‍රෑමර් ඉගැන්නුවේ ඒමයි. අද වෙනකොට කඩ්ඩ ලොකුවට බැරි උනත් ඒ කාලේ අපේ බ්‍රයිටෝ ඔක්කොම පරද්දලා ඉංග්‍රීසි පේපර් එකට වලට වැඩිම ලකුණු ගන්න එහෙම නැත්තම් සීයෙන් සීයෙන් ගත්ත මතකය අදටත් මගේ නාසිසම් ගතියෙ ඉහළම තුරුම්පුවයි. 

අදටත් මේ දැනටත් මාතෘකාවට කතා කරගන්නට මට බැරිය. වැල් බයිලා ඇද බානවාමය. එනිසා හුදෙක් අවස්ථා වල කතා නොකර සිටිනවාය. හැබැයි මාගේ පරණ මොංගල් සගයෙක් හමුවූ තැන නම් ඒවා බොරුය. ඉතිං ගිය සතියේ උනේ මොකද්ද ? දැන් කම්මැලි බං ඊලග එකෙන් කියන්නද ? 

#අනුවා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.