Ads Top

Thanos is real !


බාගදා විශ්වය දාපු 
සැර පාට් එකක් වෙන්නැති මේක 
'මිනිසුනේ නිකං නටාගෙන එන්නෙපා බං' 
හිතෙන් හිතනවාත් ඇති දැන් 
'උඹලට ලීලේ දුන්නා වැඩී මං' 
එහෙමත් කියනවා ඇති දැන් 
මට මතක් උනේම 
මේ ලඟකදී ආයේ ආයෙමත් මං බලාපු 
avengers end game චිත්‍රපටය 
හරියටම thanos වාගෙමයි දැන් ඒ හැසිරීම 
විශ්වයෙන් බාගයක් එක අසුරකින් නිම කරන්න 
සහසුද්දෙන්ම ඒක අපේ වරද්ද නෙවේද, 
තිරසාර සංවර්ධනයක් ගැන අපි නිකමට වධ උනාද 
ඒ තියා සමීපතමයන් ලඟ 
මොහොතක් රැඳෙන්න වෙලාව අපිට තිවුනද 
මට නිකමට කියන්න 
ලොකු පොඩි කියාගන්න මිනිස්සුන්ට 
සොබාවධර්මයා වෙන් වෙන් වශයෙන් දඬුවම් කළ බව කියන්නට 
එකම එක නිදසුනක් ! 
නැත්තම් ගොඩ ගැසූ සල්ලි කන්දරාව සිහි කරගෙන 
මේ මොහොතේ සැනසීමේ ඉන්න එක මිනිහෙක් 
බිලියන 7.7 කින් එක මිනිහෙක් ?
නෑ මං හිතන්නේ නෑ 
ඒමනම් විශ්වට හැකියාව ඇති 
ඔනෑම මොහොතක 
ලෝකයක් ඩිප්‍රෙස් කරවලා උනත් මරා දමන්නට 
ඒ නීතියට පිටතින් යන උන් සියල්ලම 
මිනිස්සුන්ගෙන් ඉටු නොවෙන බැලන්ස් එක කරගෙන යාමට 
එහෙනම් එහෙම උනාවේ 
කීබෝර්ඩ් එකක් පිටිපස්සක 
මේ බයිලා ටික කියන්න මට කොච්චර ලේසිද 
made in china මරණ දස දහසක් 
ලොව පුරා අවසන් ගෞරව නොමැතිව වැළලෙන මොහොතක ! 
may them rest in peace !! 

#අනුවා | සිත්තම් මායා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.