Ads Top

ඉඳා ! දෛවය මැදෑගිල්ල !

black and white labeled box
කඳුළු කැට පොපියන 
ඇහි පිල්ලම් අගිස්ස 
මගේ ධාතු බුදියන 
සාලේ පාපිස්ස 
දැන් දැන් හිතට දැනෙන 
හැඟීම් පෙන්නන්නේ කිණිස්ස 
අදහස් වියැකුණ පපුව 
කඩමාළුවකි ඉරිච්ච 
මුළු හිතම නිවාලපු 
රෝස මල් පිරිච්ච 
හිනා වෙනවා තාමත් 
මං දිහා බලාගෙන 
මම පරපෝෂිතයෙක් 
හිස් ජීවිතය හූරාගෙන කන 
ඉඳා ! දෛවය මැදෑගිල්ල ! 
ජිවිතයේ උරුමය සමඟ 
සංසර්ගයේ යෙදෙන ආත්මයට 
විශ්‍රාම දෙන්නේ නිර්වාණය 

- රැහැන් මාරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.