රාත්‍රිය එතරම් සැක්සීයි !
ඉරිදාවේ !
දවසම කාළකන්නියා වාගේ නිදාගෙන
මේ දැන් ඩිංගකට කලින් ඇහැ ඇහැරවූයේ
මහාරාණියගේ කියැවිල්ලටමයි ආයුබෝවන්ඩ
උදේද රෑද කියලා හිතාගන්නට බැරි වුණු තැන
කෝකටත් හොඳයි දත් මැදලම පටන් ගත්තා මම
දැම්ම කනවද, තේ එකක් හදලා දෙන්නද
කරදඬු උස් මහත් උනත්
ඒ අම්මෙක් දරුවෙකුට ආදරේ විදිය
ඉතිං ඒ අමුර්ත මෝල්ට් තේ එකත් රැගෙන
මං ආවා ඉස්තෝප්පුවේ කොනකට
වයිබ් එක හොඳයි මොනවා හරි කොටන්නට
ලෝකෙම මග ඇරවා ගන්නට මේ ලඟදි
මං මිලයට ගත්ත මගේ බ්ලූටූත් හෙඩ්පෝන් එකෙන්
රුවන් හෙට්ටිආරච්චි සිංදුවක් අහගෙනම
නාරි හැඟුම් එකෝස්ටික් වර්ෂන්,
ඒ මං මේ දවස්වල ආසම සිංදුව
ආටිෆිශල් ගතිය වැඩි තැන
මං බැස්සා මිදුලට ලී පුටුවකුත් අරගෙනම
රාළහාමි හදාපු සිංගප්පූරු තණකොල අතරේ
කකුල් දෙක තියාගෙන ඒ අස්සේ වැලි තියෙනවාද
ඇඟිලි වලින් හොය හොය
මම හිතන්නේ ඒක සෙක්සි පිරිමැදීමක්
පොළොවත් මාගේ ඇඟිලිත් අතර
'ගත ලඟින් මං දැවටෙමින් ඔබේ
සයනේ පුරා...
ගෑවි ගෑවි නාරි දේහේ හැඟුම් මත් කළා
රාගයෙන්... '
ඒ තාලයටම නැතත් මුමුණාගෙන
තරු කීයක් විතර ඇත්දැයි බලනවිට
මං හිතන්නේ හඳ පළුවක් බලාන හිටියා
මා දිහා හරි රොමෑන්තික විදියට
අපේ නෙත් එකිනෙක හමුව
ඩිස්ට්‍රෑක්ට් වේදෝ බියෙන්
එකම තරුවක් පායාද නැත
ඉතිං එය සරාගී දෑස් හමුවක් නොවේද !
හැඟීම් උපද්දවන්නදෝ හීනියට ආ සීතල
'සැනෙකින් සිතුවම්, චායා
ඇඳුනා මනසින්, ඔබ හා
ඇහිපිල්ලමක හොරෙන්, රාගයෙන් !! '
#අනුවා
Comment with Facebook