Ads Top

ප්‍රෞඩ ඉතිහාසය කරපින්නා ගෙන එන මහත්තයෙකුගෙන් අපි අහමු

torso mannequin lot

වසර තුන්දහසක  
ප්‍රෞඩ ඉතිහාසය කරපින්නා ගෙන එන 
මහත්තයෙකුගෙන් අපි අහමු 
මේ සුබ අළුත් අවුරුද්දේ පළමු පෝය 
දුරුතු පොහොයෙත් 
ගණිකාවක් දායක වෙනවද 
පිරිමියෙකුගේ ශාරීරික සංවර්ධනයට, 
එය අතිකාල සේවාවක්ද අද 
නැත්තම් වෙනදා සිල්ලරයටම ද 
මතුපිටට නිරාවරණය වුණු පව 
සැබවින්ම රජයේ තහනම මද 
ඉතිං අපි නීතිගත කළ යුතුමද 
මල් පහන් තබා නුඹ කියනා ඒ අසික්කිත වත 
අපි හැමෝම ගයනවා ඇගේ ගුණ 
ගණිකාවක් උනත් ගෑණියක් නේද ලෙස 
හැබැයි දැක්කොතින් පාරක ඒකිව 
තූ නොදකින් කියන්නැද්ද නුඹේ සිත 
ඉතිං අපි සිංහලයෝ ලු 
අසවල් හිස්ට්‍රියක් තියෙනවාලු 
මුදලට ඕනෑම පාහර දෙයක් කරන යුගයක 
නුඹත් මාත් 
එකලෙස ගණිකාවන් වෙනවා පිළිගන්නවද 
උන් රෑ ජාමේ පාරවල් දිගේ සැරිසරනකොට 
අපි විසි හතර පැයේ නිරත වෙනවා ඒ සේවෙම 
සිනමාව, අධ්‍යාපන පද්ධතිය, රැකියා උසස් වීම්, රජයේ නිළතල...
මේ සරල උදාහරණ කීපයක් විතරමයි 
ඉතිං මට දැනගන්නට උවමනයි 
තුන්සිය හැටපස් දවසේ අපි වැඩ කරනකොට 
උන් විතරක් අද නිවාඩු ද?

සිත්තම් මායා | අනූ පෙරේරා 

Siththam Maya | Anu Perera. Powered by Blogger.