Ads Top

හැරී ෆන් පොරක් !


පෙළපතේ ලයින් එක විලියම් ගෙන් විහිදෙන නිසා 
හැරීට හිතෙන්න ඇති ඉතිහාසයේ කවදාවත් 
උන්දැගේ නම හයිලයිට් නොවෙන බව 
එහෙමත් නැත්තම් 
බාගදා හැරීට හිතෙන්නැති 
ජීවත් වෙන්නට සාමාන්‍ය මිනිහෙක් විදිහට 
අගින් කොනින් හම්බෙන 
හිතවතෙක් හා ශේක්හෑන්ඩ් කරන්නට 
සාමාන්‍ය පුරවැසියෙක් සමඟ 
සෙල්ෆියක් දෙකක් ගන්නට 
තමන් කැමති කෙනෙක් වෙනුවෙන් 
පාක්ෂික වෙන්නට ආදරේ බෙදාගන්නට 
විවේචනයක් මතයක් අදහසක් ඉදිරිපත් කරන්නට 
ගොඩනගන්නට 
හැබෑවටම හැරීටත් ආස ඇති 
එංගලන්තේ පාරවල් දිගේ ඇවිදින්නට 
මේගන්ගේ අත අල්ලාගෙන 
බොළඳ කොල්ලෙක් වගේ 
පබ්ලික් ප්ලේසස් වල ඈ එක්ක කරක් ගහන්නට 
ලාබෙට තියෙන රස වෑහෙන බර්ගර් එකක රස බලන්නට 
චිප්ස් පැකට් එකක් හා දෙන්නා එකට චිත්‍රපටයක් බලන්න 
විනෝද වෙන්න සතුටු වෙන්න 
දරුවන් වෙනුවෙන් කැප වෙන්න 
ආර්චී හැරිසන් ට සාමාන්‍ය තාත්තෙක් වෙන්න 
ඉතිං උන් තීරණය කරාලු 
රජ පවුල හැර යන්නට 
සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට 
ඒක උන්ගේ කැමැත්ත 
ඒත් ලෝකයාට තාමත් ගැටළුව 
ඒ සා විසාල මාළිගාවක්, උරුමයක්, නම්බුවක් බිමින් තබා 
හිස් අතින් ගෑණිත් දරුවත් සමඟින් එළියට බහින්නට 
හැරීටම මිස පුළුවන් වෙන කාටද ? 

#අනුවා | සිත්තම් මායා 
Siththam Maya | Anu Perera. Powered by Blogger.